සෝමවංශ ඇරඹු උපවාසය.

2141241414124

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය පිළිබද පරීක්‍ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණද ඒවා මන්දගාමී වි ඇති බවයි සෝමවංශ අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ ආරම්භ කරන්නැයිද ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසනවා.අමරසිංහ මහතා කියාසිටියේ ජනවාරි 9 වනදායි පසු අවස්ථා 3 කදි මෛත්‍රීපාල සිරිසේන මහතාට ජිවිත තර්ජන එල්ල වූ බවයි.

ජනාධිපතිවරයාට ලබාදී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද සෑහීමකට පත්විය නොහැකි බවයි සෝමවංශ අමරසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. එය ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජනවලටද ඍජුව බලපාන බව ඒ මහතා කියාසිටියා.