දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

Maduluwawe Sobitha Thero

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෙහෙවින්ම වෙහෙස වූයේ අන් කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‘සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ’කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි.

ජනාධිපතිවරයා තමාගේ බලතල දන්දීමට සූදානම්වීම ඉතාම අගය කළ යුත්තක් බව සෝභිත හිමියන් පෙන්වා දුන්නේය.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම ජවිපෙ ද මේ සම්බන්ධයෙන් දැක්වූ සහයෝගය ඉතාමත් කෘතවේදීව සිහිපත් කරන බව උන්වහන්සේ කියා සිටියේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ වුවද මෙම ක්‍රියාවලිය සම්පූර්ණවීමට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමද අනිවාර්ය බවත්,මේ ජනාධිපතිවරාගෙන් මිස එම කටයුත්ත වෙනත් අයෙකුගෙන් ඉටුකරගැනීමට හැකිවෙතැයි සිතීම මුලාවක් බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

තැටිය රත්ව පවතින මොහොතේ රොටිය පුච්චා ගත යුතුව ඇති බව සෝභිත හිමියන් වැඩිදුරටත් සදහන් කර තිබේ.