ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

daya-alwis

රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ මීට දින 10කට පමණ පෙර දයා අල්විස් මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවයි. ඒ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිහිසුන්ව සිටියදීයි.

එහිදී සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොලයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් තුන හතරක් ඇති බවට අනාවරණ වූ බවද වෛද්‍ය සුසිත මහතා පවසනවා. සිදු කරන ලද ශල්‍යකර්මවලින් එම ලේ ගැලීම් නැවතීමට සමත් වුවද ඒ වන විටත් ඔහු යන්ත්‍රවල බලයෙන් සිටි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පවසනවා. ඒ අතරම අල්විස් මහතාගේ වකුගඩු, අක්මාව සහ හෘදය වස්තුවද දිගින් දිගටම අයහපත් අතට හැරුණු බවත් මොලයේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් තිබියදී ඔහුට හෘදයාබාධයක් ඇති වූ බවද වෛද්‍ය සුසිත මහතා පවසනවා.

ඊයේ උදෑසන සිට ඔහුගේ රුධිර පීඩනය අඩු වූ බවත් ඉන් පසුව ඖෂධ මගින් රුධිර පීඩනය පවත්වාගෙන ආ බවත් එහෙත් අවාසනාවන්ත ලෙස අද අලූයම 3.50ට පමණ ඔහු මරණයට පත්වූ බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.