බැසිල් ඇතුලට.

1`31231`3`13`13`3

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.පසුගිය ජනවාරි මාස 11 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා 21 වනදා දිවයිනට පැමිණියා.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සිදු වූ බවට චෝදනා කරමින් එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා. ඊට අදාළව ලබාදුන් අධිකරණ නියෝගයක් මතයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ. පෙරවරු 11ට පමණ එහි ගිය රාජපක්ෂ මහතාගෙන් පස්වරුව වන තෙක් ප‍්‍රශ්න කෙරුණා.
2312431431`4`4
මේ අතර මෙම චෝදනාවට අදාළව ආර්ථක සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවි නැගුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ර්‍.ඇ.ඇ.ඛ් රණවක යන මහත්වරුන්ද අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මූල්‍ය විමර්ශන අපරාධ කොට්ඨාසය විසින් ප‍්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

q24124124124124
මේ අතර හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් එළඹෙන මැයි මස 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.