අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

24124214124124

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ස්වාධීන අයතනයක් ලෙස ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.

එසේම යටි අරමුණු සහිතව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කටයුතු කර ඇති  බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ කරණයෙන් බැහැර නොයා  යුතු බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

තවද හිටපු ජනාධිපතිවරයෙකු අල්ලස් කොමිසම වෙත කැඳවීමේදී යම් යම් සම්ප්‍රදායන් සහ විධික්‍රම ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නේ නම් ඊට පෙර පාර්ලිමේන්තුවෙන් අවසර ගත යුතු බව කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්  ඊයේ පෙරවරුවේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ සිට විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට විරෝධය දක්වමින් එම පිරිල මෙලෙස විරෝධයේ නියැලෙමින්  ඇත.
1231`3`32`23
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට විරෝධය දක්වමින් මේවන විට පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවක් පැවැත්වෙමින් තිබේ.

එම පා ගමන හා උද්ඝෝෂණ ව්‍යාපාරය මේවන විට පාර්ලිමේන්තු සංකීර්ණයට මීටර් 200ක පමණ දුරින් පැවැත්වෙමින් තිබේ

Capture
කෙසේ වෙතත්  පාර්ලිමේන්තුව අසළ උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම අත්හිටුවමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
214312`431243141`
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් සකස් කර ඇති ලිපියට අත්සන් තබා ඇති මන්ත‍්‍රීවරුන් ගණන 114 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක සහය මේ වන විට ඒ සඳහා ලැබී ඇති බවයි විරෝධතාවයේ නිරත මන්ත‍්‍රීවරුන් පවසන්නේ.

විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ආරම්භ කර ඇති උපවාසය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වැලැක්වීමේ අරමුණින් ක‍්‍රියාත්මක කරන ලද්දක් නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. සිය ගැටළුවට කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදි විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.