19යට විවාදය 21 සහ 22ක

65

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19)  පෙරවරුවේ දේශපාලන පක්ෂ නායක හමුවක් පැවැත්වුණි.

එහිදි මෙම එකඟතාවට එළඹි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජ්‍යන්ත මාධ්‍යට ප්‍රකාශ කලේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු න්‍යයාය පුස්ථකයට ඇතුළත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ  නිර්දේශවලට අනුව  ඉදිරිපත් කළ ලියවිල්ල එහිදී විවාදයට ගැනීමට එකඟවී තිබේ.

මීට පෙර කමිටු අවස්ථාවේ දී ඉදිරිපත් කළ සංශෝධන සහිත ලියවිල්ල ඉදිරිපත් නොකිරීමට අදාළ සාකච්ඡාවේ දි එකඟතාවට එළඹි බව  සුසිල් ප්‍රේම්ජ්‍යන්ත මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්ව අනිද්දා දිනය දක්වා කල්තැබීමට නියමිතය.

එම කාලය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලියවිලි සම්පූර්ණ කර මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමෙන් පසු අගහරුවාදා සහ බදාදා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.