හදිසි සාකච්ඡා; ශ්‍රි:ල:නි:ප අද.. එජාප හෙට

UNP SRI LA NI PA

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක්  අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තාවෙයි.

මෙම රැස්වීම පැවැත්වෙන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර එක්සත් ජාතික ලක්‍ෂයේ  පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.

ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වනයෙන්. එහිදී ඉදචිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.