ජවිපේ වංශෙන් සොමවංශත් යයි.

13131`31`321`2`1`31`31`3

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ.

පැලවත්ත ප්‍රදේශයේ අද(16)  පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්  පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී  පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා  සඳහන් කර ඇත.1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ 1987, 89 අරගලයෙන් පසු දිවි ගලවා ගත් එම පක්ෂයේ එකම දේශපාලන මණ්ඩල සභිකයා වුණා. පසුව විදේශගතව පක්ෂය ගොඩ නැගු ඔහු 1994 දී යළි එම පක්ෂයට ප‍්‍රසිද්ධ දේශපාලනය පිවිසීමට මංපෙත් විවර කර දුන්නා.

මහජනතාව දිනාගැනීමට  තිබු එකම පක්ෂය ජනතා විමුත්ති පෙරමුණ බවත්, නමුත් එය දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වු බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් තමන් විසින් නව පක්ෂයක් බිහිකිරීමට  කටයුතු කරන බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

එම මාධ්‍ය හමුව අතරතුර   පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී   අමරසිංහ මහතා විසින් වි‍ජිත හේරත් මහතාට එම ස්ථානයෙන් පිටතට යන ලෙස පවසා තිබේනවා.

පක්ෂයක් වශයෙන් තමා ජ.වි.පෙ. තෝරා ගන්නා ලද්දේ අනෙකුත් පක්ෂ නොසලකා හරිමින් බවත්, ජ.වි.පෙ. හැර මෙරටේ සමාජවාදය බිහිකිරීමට වෙනත් කිසිදු පක්ෂයක් නොමැති බවත්, ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

එසේම ජ.වි.පෙ. තේරුම් නොගන්නා ප්‍රශ්න කිහිපයක් ඇති බවත්, එය ඉක්මනින් වටහා ගතහොත් එම පක්ෂයට හොඳ සහ ඉක්මන් ගමනක් ඇති බවත්,  එහිදි හෙතෙම පැවසුවේය.

නමුත් පක්ෂයට ජයග්‍රහණය කරා යෑමට ඇති පහසු මාර්ගය සහ  උපක්‍රම මේ වන විට අත්හරිමින් සිටින බවත්,  එම වරද ජ.වි.පෙ. ඉක්මනින්ම සකසා ගත යුතු බවත් අමරසිංහ මහතා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ රටට අවශ්‍යම පක්ෂයක් බවට ජ.වි.පෙ. පැවතියද එය පක්ෂය විසින් ගොඩ නොගන්නා බවයි. ‘අද රටේ පවත්නා දේශපාලන වටපිටාවෙන් ජවිපෙ ප්‍රයෝජන ගන්නා බවක් පේන්නේ නෑ. නව රජයේත් විපක්ෂයේත් දුර්වලකම්වලින් ඉදිරියට යෑමට ජවිපෙ සූදානමක් නැති බවයි පේන්නේ. ජවිපයට ලැබී ඇත්තේ ස්වර්ණමය අවස්ථාවක් ඒ අවස්ථාවට මුහුණදීම සඳහා යථානුරූපිව ජවිපෙ ප්‍රතිපත්තිත් වෙනස්විය යුතුයි. අද අපට පන්සලකට ගිහින් පන්සිල් ගන්න බැහැ. පිරිත් නූලක් බන්දවාගන්න බැහැ. අප රටේ වටපිටාව අනුව අප වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් ඉස්සරහට යන්න බැහැ. ජවිපෙනුත් ඇතැමුනට අසාධාරණවී තිබෙනවා. ඒ කොටසුත් එකතු කරගෙන මම අලුත් පක්ෂයක් හදනවා‘

ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මාධ්‍යට සඳහන් කර තිබෙන්නේ ජ.වි.පෙ. සෝමවංශ අමරසිංහ මහතාගේ තීරණයට එකඟ නොවන බවත්, තවදුරටත් ඒ මහතාව පක්ෂයේ රඳවා ගැනීමට උත්සහ කරන බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයින් රැුසක්  මෑත වසර කිහිපය තුළ අවස්ථා ගණනාවකදී පක්‍ෂයෙන් ඉවත් වුණා. නන්දන ගුණතිලක මහතාද එලෙස පක්‍ෂයෙන් ඉවත් වූ අයෙක්. අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක්ද පක්‍ෂයෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගැණුනා. ඉන්පසුවද ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු පිරිසක් පක්‍ෂයෙන් ඉවත්ව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවා ගත්තා.