නිමල් එපා දිනේෂ් දෙන්න මන්ත්‍රිවරු කතානායකගෙන් ඉල්ලයි.

nimal dinesh

විපක්‍ෂනායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් මන්ත‍්‍රීවරුන්පිරිසක් අත්සන් කළ ලිපියක් අද කථානායකවරයා වෙත භාරදි තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කලේ මීට පෙර නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහය දැක්වු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු දිනේෂ් ගුණවර්ධන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින බවය.
මන්ත්‍රීවරුන් 60 දෙනෙකුගේ අත්සන් සහිත ලියවිල්ලක් කතානායකවරයා වෙත බාරදී ඇති බවත්,හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් එම ලියවිල්ල කතානායකවරයා වෙත බාරදුන් බවත වාර්තා වි තිබේ.