ආණ්ඩුව වැඩි ඡන්ද 21කින් පරාදයි.. පඩි ගෙවන්න සල්ලී නැ; නිමල්, සල්ලි තියෙනවා රවී.

65

රුපියල් බිලියන 400ක් භාණ්ඩාගාර බිල්පත්  ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්ව තිබේ.

එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 31ද ලැබුණද විපක්ෂව ඡන්ද 52ක් ලැබීම නිසා එය වැඩි ඡන්ද 21කින් පරාජයට පත්විය.

මාධ්‍යහමුවක දී විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති කමින් රුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට රජය සුදානම් වන බවයි.  නමුත් මාධය වෙත අදහස් පලකරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක  පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා සහ උත්සව අත්තිකාරම් ගෙවීමට මුදල් නොමැති බවට විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප‍්‍රකාශය අසත්‍ය එකක් බවයි.

තවමත් විපක්ෂනායකද නැද්ද යන්න නොදන්නා නිමල් සිරිපාල මහතාගේ වැටුපද අත්තිකාරමක් අවශ්‍යනම් එයද ගෙවිමට තමන් සුදානම් බවත්, සියලු දෙනාගේ වැටුප් ගෙවිමට මුදල් තිබෙන බවත් මුදල් අමාත්‍යවරයා මාධ්‍යට පවසා තිබුනි.