රාජිතගේ ප්‍රකාශය බොරුවක්; චීනය කැලඹේයි. (video)

 

 කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම  එකඟ වු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජිත ආමාත්‍යවරයා කළ ප්‍රකාශය සාවද්‍ය බව චීනය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්වූ අතර එහිදී මේ බව අනාවරණය කළේය.

maithiripaala-unp

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ වැඩ බලන චින තනාපති රෙන් ෆා ශෙන් මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදාළ කොන්ත්‍රාත් සමාගම සමඟ සාකච්ඡා කළද එවැනි එකඟතාවක් ඇති නොවු බව ඔවුන් සඳහන් කළ බවයි.

වැඩිදුරටත් කරුණු දක්වමින් වැඩ බලන චින තානාපතිවරයා ප්‍රශ්න කර සිටියේ මුලු වියදම රුපියල් බිලියන66.8ක් වන ව්‍යාපෘතියකින් රුපියල් බිලියන 30ක් කොමිස් ලෙස ලබා දෙනවා යැයි පැවසීම ප්‍රායෝගික නොවන බවයි.

චීන ව්‍යපෘතිය අඩු වියදමකින් කලට වෙලාවට වගකිමක් සහිතව නිම කිරිමට පොරොන්දු වී තිබෙන බවත්,මේ ඉදිරිපත්කර තිබෙන වියදම සාධාරණ බවත් ඒ මහතා පවසයි. ඒසේම චීනය මෙරට තුල ඇතිකරන රැකියා අවස්ථා ප්‍රමාණය පිලිබදවද වැඩ බලන චින තනාපති රෙන් ෆා ශෙන් මහතා මෙහිදි ශ්‍රි ලංකා රජයට සිහිකැදවා තිබුනි.