බුදු පුතුන්ට තහනම් කූරගල ගියාට සිහළ රාවයට ජල ප්‍රහාර.

11102683_445753468915241_6512140789857887230_n

සිහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා   කූරගල ඓතිහාසික භූමියට   ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබේ.

අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ඇති බව කල්තොට පොලීසිය විසින්  අදාළ පිරිසට එම නියෝගය සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත්,   අණ නොතකා කූරගලට ඇතුලුවීමට සිහළ රාවය සංවිධානයේ පිරිස් උත්සහ කර ඇති බවත්, එම අවස්ථාවේදී එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා ඇති බව වාර්තා වේ.

අද පෙරවරුවේ සිට කූරගල ඓතිහාසික භූමියට  ගමන් ගන්නා‍ මාර්ගය හරස් කරමින් සිහළ රාවය සංවිධා‍නයේ පිරිස් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර ඇති බවද වාර්තා වුනා.