එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

thissa-karaliyadda

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඒ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ය.නිදහස් පක්ෂ හා සංධාන පාක්ෂිකයන්ට දිගින් දිගටම එල්ලවන දේශපාලන පළිගැනීම් නතර නොකිරීම,එක්සත් ජාතික පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් එල්ල වූ බලපෑම් ඇතුලු හේතු කිහිපයක් නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස් වූ බව  හෙතෙම පවසයි. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව පැවසේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පසුගියදා අමාත්‍ය ධූර පිරිනැමූ අතර එහිදී තිස්ස කරලියද්ද මහතාට බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ නියොජ්‍ය අමාත්‍ය ධූරය පිරිනැමුණි.

කෙසේ වෙතත් තමන්ට හිතට එකඟව අදාළ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරි කිරීමට නොහැකි බැවින් එම තනතුර භාර නොගැනීමට තීරණය කළ බව තිස්ස කරලියද්ද මහතා සඳහන් කර තිබේ.