රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

ප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න.

https://www.youtube.com/watch?v=6AYP90uJs6g

2134`3`13`131`3`3

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

සරසවි සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය අසළින් ආරම්භ කරන ලදී.

එතැන් සිට ඔවුන් පා ගමනින් හයිලෙවල් මාර්ගය ඔස්සේ  කොළඹ දෙසට පැමිණීම නිසා එම මාර්ගයේ තිඹිරිගස්යාය, තුම්මුල්ල ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ඇති විය.

අනතුරුව ඔවුන් ජනතාවට පීඩාවන අයුරින් කොල්ලුපිටියේ සිට අරලියගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීම නිසා කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය සදහන් කලා.

13133213`3`13`

සරසවි හා පාසල් තුළ මුදල් අය කිරීම, මාලඹේ හා කොතලාවල මුදලට උපාධි කඩපවත්වාගෙන යන බවට චෝදනා කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කරන ලදී.

විරෝධතා පාගමනට එල්ලවූ  පොලිස් ප්‍රහාරයෙන් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය පවසයි.

1`231`3`3`13`3`3`

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සිසුන් 8 දෙනෙකුද,කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිසුන් 2දෙනෙකුද නේවාසිකව ප්‍රතිකාර ලබන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා සදහන් කර තිබේ.

තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ හිසට සෘජුවම බැට්න් ප්‍රහාර එල්ලවී ඇති බවත්,තවත් අයට සෘජුවම කඳුළුගෑස් ප්‍රහාර එල්ලවීම නිසාත් තුවල සිදුව ඇති බව හෙතෙම සඳහන් කළේය.වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම සදහන් කලේ පරණ ක්‍රමයම ක්‍රියාත්මක බවත් වෙනසක ඇත්තේ රාජපක්ශ රජය සිසුන්ට පහර දිම සදහා සැහෙන කාලයක් ගත් බවත් නමුත් සිරිසේන,වික්‍රමසිංහ රජය පලමු උද්ඝෝශණයේදිම ප්‍රහාරය එල්ල කල බවත්ය.
තුවාල ලැබුවන් අතර සියපත රුපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදියෙකුද සිටින බව සදහන්.

131`3`13`13`3
විරෝධතාවය අතරතුරදී පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළුගෑස් ප්‍රහාර එල්ලකිරීම නිසා දෙපාර්ශවය අතර නොසන්සුන්තාවක් ඇතිවූ අතර  එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් 7දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන ලදී.

එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු කියා සිටියේ පොලිස් නිලධාරීන්ට සිසුන් විසින් ප්‍රහාර එල්ල කළ බව හා පොලිස් නිලධාරීන්ට තුවාල සිදුවූ බවට කරන චෝදනා අසත්‍යය බවයි.