ජනපති අද බෝවා සමුළුවට.

 m sirisena china

චීනයේ  සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28)  බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි.

රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය.

ආසියානු කලාපයට අදාළ ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.