බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක්

Basil Rajapaksa

මහපරිමාණ මූල්‍ය වංචා චෝදනා මත ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණය නියෝගයක් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේවන විට පොලිස් මූලස්ථානයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඒ සඳහා නියෝග ලබාදුන් බව කියන හිටපු  ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තීරණය කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් ජනාධිපතිවරණය අවසන් වීමත් සමග අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඔහුට පාර්ලිමේන්තුවෙන් මාස 3ක නිවාඩුවක්ද පසුගියදා අනුමත කෙරිණ.