විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

1800425_714063875378102_3693681997830386583_n

සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වහලය මත නැගී පෙරේදා සිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඊයේ රාත්‍රී එම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා.

මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ යෙදී සිට නව ආණ්ඩුව විසින් රැකියාවලින් ඉවත් කෙරුණු පිරිසක්. ජනාධිපතිවරයා මැදිහත් වී සිය ගැටලූ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට ඊයේ රාත්‍රී පොරොන්දුවක් ලැබුණු බවත් උද්ඝෝෂණය අවසන් කළේ ඒ අනුව බවත් ඔවුන් සදහන් කර තිබෙනවා.

ඊයේ දින මේ ස්ථානයට ගිය හිටපු අමාත්‍ය විමල් විරවන්ශ මහතා,ආරක්ශක අංශ මගින් නවතා තිබු ආහාර වර්ජකයන් වෙත ගෙන යාමේ ඉඩ අනිකුත් සේවකයන්ට හා පවුලේ පිරිස් වලට අත්කර දුන්නා.ගැබිනි මාතාවක්ද මේ වර්ජනයට එක්ව සිටියා.

දින 03ක් තිස්සේ තම රැකියා සුරක්‍ෂිතභාවය වෙනුවෙන් සෙත්සිරිපාය උඩුමහලේ දැඩි දුෂ්කරතා මැද උද්ඝෝෂණයක නිරත වන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස දෙස සානුකම්පිතව බලා ඔවුන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඊයේ දින ඉල්ලා සිටියා.