රැළියට රැත් වැඩ;තහනම නොතකා මහනුවර ගියොත් මොකද වෙන්නේ?(ජායාරූප/විඩියෝ සහිතයි)

මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරමින් පාර්ශව කිහිපයක් සංවිධාන කරන ජන රැළි මාලාවේ දෙවැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා ලෙස නම් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට මෙහිදී බල කෙරෙන බවයි  මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර නිමල් පියතිස්ස මහතා කියාසිටියේ. අද පැවැත්වෙන ජන රැළිය පිළිබද දැනුවත් කිරීමට මහනුවර පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහජන නියෝජිතයන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය විසින් සංවිධාන කරන දේශපාලන කි‍්‍රයාකාරකම්වලට හැර වෙනත් දේශපාලන කි‍්‍රයාකාරකම්වලට සහභාගිවීම විනය උල්ලංඝණය කිරීමක් බව එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පවසනවා. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවද මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගෙන ඇති බවයි කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මෙලෙස ප‍්‍රකාශ කළද මහනුවර පැවැත්වෙන රැුළියට සහභාගි වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් මහජන නියෝජිතයන් දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රැළිය සදහා සහභාගිවිමට සිටි බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා විදේශගත වී තිබෙනවා.ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයක් මත ඔහු එසේ පිටත්ව ගිය බවත්, එය සති 3ක සංචාරයක් වුවද සතියකින් එම සංචාරය නිමවා ප්‍රධාන ඇමතිවරයා යළි දිවයිනට පැමිණෙන බවත් සදහන්. එසේම තමන් මින් පසු සංවිධානය වන සියලු රැලි සදහා සහභාගිවන බවද ඒ මහතා තම ෆේස් බුක් පිටුව හරහා දන්වා තිබෙනවා.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

33131`3`13`1

රැළියේ සංවිධාන කටයුතු සදහා මන්ත්‍රි විමල් විරවන්ශ මහතා රාත්‍රි කාලයේද එක්ව සිටින අයුරු දැක්වෙන ඡායාරුප නිකුත්කර තිබේනවා.එසේම තවත් ප්‍රබල හිටපු අමාත්‍යවරුන් පිරිසක් මේ සදහා තම සහය එක්කර තිබෙන බව උදය ගම්මන්පිල මහතාද සදහන් කර සිටියා. “දිනූ රට අනතුරක – ජාතියේ අභියෝග ජයගැනීමට පෙළ ගැසෙමු” යන්න තේමා කරගෙන අද (06 දා) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වෙන ජාතික රැලියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සියයක්‌ පමණ සහභාගි වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

සහභාගි වන සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු බවත් හෙතෙම සඳහන් කළේය.

තම තනතුරුවලට වඩා රටට ආදරය කරන ශ්‍රී ල.නි.ප. මහජන නියෝජිතයන් සිටින බව මෙම රැලියෙන් පැහැදිලි වනු ඇතැයිද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ විසින් සංවිධානය කරන ජනරැලි මාලාවේ දෙවැන්න මෙය වේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බලකරමින් මෙම රැලිය පැවැත්වේ.

මෙම ජනරැලිය අමතා මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් පිරිසක්‌ කතා කිරීමට නියමිතය.

මෙම ජනහමු මාලාවේ තුන්වැන්න අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව රත්නපුර, කුරුණෑගල, මොනරාගල, ගම්පහ හා මාතර නගර වලදීද රැස්‌වීම් සංවිධානය කර තිබේ.

මෙම ජාතික රැලිය youtube සබඳතාව ඔස්‌සේ සජීවීව නැරඹීමේ පහසුකම් සලසා තිබේ.

18500_714230555361434_6482965901607101638_n 983864_714230405361449_6248022649673841061_n 10981697_714230615361428_1622971843919421012_n 11020959_714230578694765_8135046261603380286_n 11025742_714183368699486_8677815977012078676_n