රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

11020959_714230578694765_8135046261603380286_n

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී  හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද පැමිණ තිබේ.

මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි අතර,
මාධ්‍යවේදීන් සමග  නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති   කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි.

එයට සහභාගී වන්නේ දැයි ඔහු  නිශ්චිත පිළිතුරක් දුන්නේ නැත.

”මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි  නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ” යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍ය  වේදීන් දිගටම ප්‍රශ්ණ අසන්නට වු විට ඔහු පැවසුවේ ”ඔය ඇතිනේ, වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි” යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා එහි ආ බව අසා කුමාර වෙල්ගම මහතා ඇතුලු හිටපු මැති ඇමතිවරු පිර්සක්ද එහි පැමිණ තිබුනි.

ඡායාරූප ලංකාදිප ඇසුරිනි.

S1650005 S1650007 S1650011 S1650015