මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

President of Sri Lanka Maithripala Sirisena

මහා සංඝ රත්නය ආරක්‍ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ උනන්තිය සදහා රජයකට පැවරෙන සෑම වගකීමක්ම තමන් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර, රත්ගග, පුංචි දඹදිව  අසූ මහා ශ‍්‍රාවක බුදුරාජ විහාරයේ  පැවති උත්සවයකදීයි. අලූතෙන් ඉදිකෙරුණු බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

ඉතිහාසයේ සිටම රාජ්‍ය පාලනයට සහ යහපත් සමාජයක් ගොඩනැගීම සදහා පාලකයන්ට අවවාද අනුශාසනා ලබාදුන්නේ මහා සංඝ රත්නයෙන් බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ. රටත්, ජාතියත් විපතට පත් සෑම අවස්ථාවකම එවැනි විපත්වලින් රටත්, ජාතියත් බේරා ගැනීමට පෙරමුණට පැමිණියේද මහා සංඝ රත්නය බව ජනාධිපතිවරයා සදහන් කලේ.