ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

bribary_commission

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත බාරදී  තිබෙනවා.

එසේම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ද අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ ඇත.

මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනූව බදියුදීන් ඇමතිවරයා මෙලෙස අල්ලස් කොමිසම හමු‍වට පැමිණ තිබේ.

හිටපු ඇමතිවරයාගෙන් මෙන්ම වත්මන් ඇමතිවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි වාර්තා වේ.