රටට එරෙහි තවත් යෝජනාවක් යාපනයේදි සම්මතයි

3131313131313131
එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත.
ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක්‌ සම්මත කර තිබේ.

දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්‍ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීම, උතුරු නැගෙනහිර සඳහා දෙමළ ජාතිකසභාවක්‌ ස්‌ථාපිත කර දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යඣ්හයක්‌ පිහිටුවීම, ස්‌වයං නිර්ණය අයිතිය සඳහා සටන් වැදීමට සරණාගත දෙමළ ජනතාවගේ සහය ලබාගැනීම යන යෝජනා ද ඊට ඇතුළත් වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය දිවයින පුවත්පතට සැපයු ලිපියක් ඇසුරිනි.