මහින්දට සහය දෙන නුවර රැළියට “අත” කකුලෙන් අදී.

 

10402517_713109035473586_5207040382191452427_n
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව අනාවරණය කරයි.

එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට සහ මාධ්‍යයට අදහස් දැක්වීම වැළැක්වීමට නිදහස් පක්ෂ  මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබේ.

මහජන නියෝජිතයින්  සිය පෞද්ගලික අදහස් මාධ්‍යයට ඉදිරිපත් කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන්ට හානි සිදුවන බැවින්  මෙම තීරණය ගත් බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම නිදහස් පක්ෂයේ අරමුණ වී ඇති බව ප්‍රධාන ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

වර්තමානයේ විවිධ ප්‍රතිගාමී බලවේග විසින් මෙම වැඩපිළිවෙළ දුර්වල කිරීමට කටයුතු කරමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

දේශපාලන පක්ෂ කිහිපයක සංවිධානත්වයෙන් පසුගිය මස 18 වැනිදා නුගේගොඩ පැවැති රැස්වීමට සහභාගි වූ බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතයින්ට චෝදනා එල්ල වූ බව වාර්තා විය.  එසේම එලබෙන හය වනදා එම පිරිස් විසින්ම මහනුවරදි සංවිධානය කරන රැලිය සදහාද ශ්‍රිලනිපයේ ක්‍රියාකාරි නියෝජිතයින් රැසක් සහභාගිවන බව සංවිධායකයන් දන්වා තිබෙන අතර මේ තිරණයේ අරමුණ එම සහභාගීතවය අඩපන කිරිමට උත්සහ දැරිමක් ලෙස දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.