පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.

12333333333333333

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ප‍්‍රංශය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේදීයි.

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ. බුරුගේසු පහිරදි ඉකුත් පෙබරවාරි මස 2 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙලිවි තිබෙන බව වාර්තාවේ.