උතුරේ අලුත්ම කොටි නැටුම;රට දෙකඩ කිරිමේ පළමු පියවර තබයි.

C-V-Vigneswaran-Prabaharan

උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් ගේ ප්‍රධානත්වයෙන් සම්මත කරගෙන මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය මගින් ඊළාම් රාජ්‍යයකට පාර කපා ඇති බවත් එය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහිනය සැබෑකර ගැනීමට දරන උත්සාහයක්‌ බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

වසර විස්‌සකට වැඩි කාලයක්‌ මුළුල්ලේ කිසියම් ජාතියකගේ බලවත් පීඩනයකට වෙනස්‌කමකට භාජනයවී සිටින සුළු ජාතියකට තමා පෙළන මහා ජාතියෙන් වෙන්ව ස්‌වයංපාලනයක්‌ ලබා ගැනීමට හැකිය යන එක්‌සත් ජාතීන්ගේ න්‍යායට මුවා වෙමින් උතුරු පළාත් සභාව දැන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ තම ජාත්‍යන්තර වැඩපිළිවෙළ අරඹා ඇතැයි දේශපාලන නිරීක්‍ෂකයෝ පවසති.

තිරසාර සහජීවනය සඳහා උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් මහතා වෙත මහත් ඕනෑ කමින් දෑත් දිගු කළ මෛත්‍රී පාලනයේ සුහදතාව ද මුළුමනින්ම නොතකමින් උග්‍ර බෙදුම්වාදී පිළිවෙතක නිරත වන ද්‍රවිඩ සන්ධානය පිටු 11 කින් යුත් සාවද්‍ය චෝදනාවලියක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

ද්‍රවිඩයන්ට එරෙහි ශ්‍රී ලංකා සංහාරය නමින් හඳුන්වා ඇති මෙම චෝදනාවලින් වර්ෂ 1956 පටන් අද දක්‌වාම සිදු වන්නේ යෑයි කියන අඛණ්‌ඩ දෙමළ ජන ඝාතන ක්‍රියාවලියක්‌ පිළිබඳ අතිශය බලවත් අසත්‍ය තොරතුරු රැසක්‌ ඉදිරිපත් කරයි.

ඉන් සමහරක්‌ මෙසේය.

1. 1956 ජුනි 05 දා සිංහලයන් ද්‍රවිඩයන්ට පහරදීම

2. 1958 මැයි සිට බෞද්ධ භික්‍ෂුන් සහ සිංහල ජාතිවාදීන් ද්‍රවිඩයන් 300 ක්‌ මරා දැමීම ද්‍රවිඩ කාන්තාවන් 200 ක්‌ අතවරවලට ලක්‌කිරීම.

3. 1974 ජනවාරි මාසයේදී යාපන අර්ධද්වීපය තුළදී එල්ල කෙරුණු පොලිස්‌ ප්‍රහාරයක්‌ මගින් ද්‍රවිඩයන් 9 ක්‌ මරණයට පත්කිරීම.

6. 1977 අගෝස්‌තු 12 – 20 අතර කාලයේදී යාපනයේ සිට කොළඹට පැමිණි දුම්රියට ප්‍රහාර එල්ල කිරීම සහ උඩරට කඳුකරයේ ඇති වූ සිද්ධි මාලාවක්‌ මගින් ද්‍රවිඩයන් 300 ක්‌ මියගොස්‌ 1000 ක්‌ තුවාල ලැබීම.

5. 1983 ජූලි කලබලය ද්‍රවිඩයන් 300 ක්‌ මරා දමා ද්‍රවිඩ ස්‌ත්‍රීන් 500 කට අතවර කිරීම ද්‍රවිඩ ව්‍යාපාරික ස්‌ථාන 5000 ක්‌ විනාශ කිරීම.

6. 2008 – 2009 වන්නි සංහාරය (වන්නි යුද මෙහෙයුම)

7. පසුගිය වසර 27 තුළ ද්‍රවිඩයන් 100000 ක්‌ මරුමුවට පත්වීම

8. 2009 ජනවාරි මස සෑම දිනකම ද්‍රවිඩයන් 33 සිට 116 දක්‌වා මරා දැමීම.

9. 2009 මැයි 19 දා වනතුරු දිනකට ද්‍රවිඩයන් 1000 ක්‌ බැගින් මැරීම

10. වන්නියේ 146679 ක්‌ ආගිය අතක්‌ නැත.

11. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේගේ වාර්තාවට අනුව ද්‍රවිඩ කාන්තාවන් සහ තරුණයන් 200 ක්‌ මරා දැමීම.

12. ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනයකට ඇති හිමිකම් උල්ලංඝනය කිරීම්.

කීර්ති වර්ණකුලසූරිය  දිවයින පුවත්පතට සැපයු ලිපියක් ඇසුරිනි.