තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

31313131313

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි.

අදාළ ගිණුමේ ඇති මුදල් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට නැගෙන චෝදනාවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

එසේම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ හෙළිදරව්වට අනූව නව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා එය පෞද්ගලික ගිණුමක් ලෙස භාවිතා කර නැති බවය.

තවද එම ගිණුමේ ඇති මුදල් සොයාගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් ඉඩමක් විකිණීමෙන් බවද, එසේම එම මුදල් යොදාගනිමින් පැලවත්තේ නව හමුදා මූලස්ථානයක් ඉදිකරගෙන යන බවද, බස්නායක මහතා පැවසීය.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් පුද්ගලික ගිණුමක රුපියල් මිලියන 7500 ක පමණ මුදලක් තිබූ බවත්, එය මහා භාණ්ඩාගාරය යටතට පත්කර ගත් බවත්ය.