හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට.

premalal-jayasekara-newsfirst

දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර අද (10) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කර තිබෙනවා.අදාළ ඝාතනය සම්බන්ධයෙන් තවත් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සදහන්.

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර සබරගමු පළාත් සභා මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ සභාවේ වජිර සිල්වා අත්අඩගුවට ගන්නා ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා පොලීසියට නියෝග කළා. ඒ අනුව සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයා අද අලූයම 1.30ට පමණ අලූත්ගම ප‍්‍රදේශයේදී කොම්පඤ්ඤවීදිය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනුණා.

මේ අතර, ඇල්ල ප‍්‍රදේශයේදී තැපැල්කරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබූ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ගත වූ පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ කිසිදු බරපතල ගණයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් වාර්තා වී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.