පලවෙනි එක එකොළහට…

Sri Lanka Police

ශ‍්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද  පස්වරු 04ට නිමාවට පත්වුණා.මෙවර ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වැදුණු අපේක්ෂකයින් ගණන 19ක්. ඉන් 17 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වන අතර, තවත් දෙදෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියා.

ශ‍්‍රී ලංකාවේ සියලූ දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි සැකසුණු මැතිවරණ කොට්ඨාස 22ක් යටතේ ඡන්ද විමසීම පැවැත්වුණා. ඊට අයත් ඡන්ද ප‍්‍රදේශ සංඛ්‍යාව 160ක්. 2014 ඡන්ද හිමි නාම ලේඛනයට අදාළව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව 15 044 490ක්.

ඡන්ද මධ්‍යස්ථාන 12 314කදී ඡන්ද විමසීම පැවැත්වුණා. සමස්තයක් ලෙස ඡන්දය සාමකාමීව පැවැත්වුණු බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.

ඡන්දය භාවිත කිරීම 70%ත් 80%ත් අතර ප‍්‍රමාණයක පැවතුන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යු. අමරදාස මහතා සඳහන් කළා.

මුල්ම ඡන්ද ප‍්‍රතිඵලය රාත‍්‍රී 11ට පමණ ලබා දීමට හැකිවනු ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ.

අවසන් ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එසේම පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10න් පසුව ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එහෙත් අවසන් ප්‍රතිඵලය හෙට දිනයේ කුමන වේලාව වන විට නිකුත් කළ හැකිදැයි අනුමාන කළ නොහැකි බවත්, ඔහු කියා සිටියේය.

අද පැවති ඡන්ද විමසීම නිදහස් හා සාමකාමී බව නිරික්‍ෂණ සංවිධාන තහවුරු කරනවා. සිද්ධින් වාර්තා වුව ද ඒවා කිසිවක් ඡන්දයේ ප‍්‍රතිඵලයට බලපෑමක් ඇති නොකරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.