මැතිවරණ ආරක්ශාව උපරිම මට්ටමින්.

Sri Lanka Police

ජනාධිපතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 83,000 ක්‌ යෙදවීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව අවශ්‍යතාවක්‌ ඇති වූවොත් යුද හමුදාවේ සහායද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මේ අතර මැතිවරණ දිනයේදී කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති වූවොත් ඊට මුහුණදීම සඳහා කැරලි මර්දන ඒකකයේ කණ්‌ඩායම් 150 ක්‌ ද සූදානම්ව සිටින බව නවරත්න මහතා කියා සිටියි.

ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 8 වැනිදා සහ ඊට පෙර දිනයේ රට පුරාම පිහිටි ඡන්ද මධ්‍යස්‌ථාන අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා පොලිස්‌ ජංගම සංචාර 2885 යොදවා ඇත.

පොලිස්‌ මාර්ග බාධක 420 ක්‌ යොදවා සැකකටයුතු වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමට ද සැලසුම් කර තිබේ.