ඊයේ නන්දිමිත්‍ර අද අචල ජාගොඩ: පිළ් මාරුව දිගටම.

2121231313131

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කර තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඔහු මෙලෙස පොදු අපේක්ෂකවරයාට සහය පළ කළ බවයි වාර්තා වන්නේ. එසේම ඊයේ දිනයේදි තමා පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක ප‍්‍රකාශ කළා. ඔහු ඒ බව දැනුම්දුන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද එක්ව සිටි මාධ්‍ය හමුවකට කොළඹදී එක්වෙමින්. මේ අතර හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහය පළ කරන බව ඊයේ ප‍්‍රකාශ කළා.