සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

maithripala_sirisena

මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ තමන් සමඟ එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරන සියලු සංවිධාන ද තම ජයග්‍රහණය සඳහා කැපවී සිටින බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

මේ අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වු පිරිසකට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී ආණමඩුව නගර මධ්‍යයේ පැවති ජන රැලියකට සහභාගි වු පිරිසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළේය.

ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.