අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

31312313123123123

අලුත් පරපුර සංවිධානයට කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා පොලීසියට බාර වී තිබේ.

අද(31) උදෑසන ගොකරැල්ල පොලීසියට මොහු බාර වූ බව වයඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සරත් කුමාර මහතා පවසයි.
පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙම මන්ත‍්‍රීවරයා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

පහරදීමට ලක්වු කලාකරුවන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ජනතාව දැනුවත් කිරීමක යෙදී සිටියා.

එහිදී සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු තරුණ කලාකරුවන් කිහිප දෙනෙකුසේම චිත‍්‍රපට අධ්‍යක්‍ෂ උදය ධර්මවර්ධන සහ ප‍්‍රවීණ ගායක ලක්‍ෂමන් විජේසේකර මහතාටද පහර දුන් බව වාර්තා විය.

nawa-parapura-www.nethfm.com-03 nawa-parapura-www.nethfm.com-02