මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

susil-premajayantha-upfa
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් අතර 2010 සරත් ෆොන්සේකා මහතාටත් 2010 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලූ බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.

කල්මුණේ. සමන්තුරේ හා පොතුවිල් එක්‌කර වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ලබා ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය බවද ඇමැතිවරයා කීය.

වාර්ගික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීම කොහෙත්ම කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.