හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

rauf-hakeem

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් මෙතෙක් දැරූ අධිකරණ අමාත්‍ය ධුරයෙන් අද දිනයේදී ඉල්ලා අස්වූ බවයි. ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.දෙපාර්ශවයෙන් එක් පාර්ශවයකට හෝ සහය පළ නොකර ස්වාධීනව කටයුතු කිරීම කෙරෙහි ද මුලින් අදහස් පලවි තිබුනා.