මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

nishantha-muthuhettigama 2

Updete:

පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට  ගෙන තිබුණේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආධාකරුවන් තුන්දෙනෙක්. ඔවුන් බලහත්කාරයෙන් රැගෙන යාමට කටයුතු කළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් තුන්දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුනා.

මේ අතර, වඳුරඹ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවේ සිටි සැකකරුවන් තුන්දෙනෙකු පැහැරගෙන යාම හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් වී තිබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමගේ රියදුරා ද අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියදී විදේශගත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණේ අද (28) පෙරවරුවේයි. පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

————————————————————————————-

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය අමත්‍යවරයා මීගමුව ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් සඳහන්.