ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

මුස්ලිම්-කොන්ග්‍රස්

තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසනවා.

සාමවිනිසුරුවන්ගේ සංසදය මහනුවරදී අමතමින් ඔහු මේ බව සදහන් කර තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය සිකුරාදා එළිදැක්වූ බවද, ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට එළිදක්වන බවට ආරංචි වී ඇති බවද, පැවසූ හකීම් මහතා කියා සිටියේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලා තීන්දුවක් ගැනීම ලේසි පහසු නැති බවයි.

කෙසේ හෝ සියලු දෙනාගේම අදහස් සැලකිල්ලට ගෙන මහජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරදෙන්න අල්ලා දෙවියන් වහන්සේ තමාට පිහිටවනු ඇතැයි ද රවුෆ් හකීම් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳ ඉදිරි පැය 48 ඇතුළත ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් වව්නියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

එහිදි මෙම කරුණු අනාවරණය වු බවයි වාර්ථාවන්නේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා එම පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් ද මෙයට සහභාගී වී තිබෙනවා.

ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අවසන් තීරණය පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.