අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

WEATHER FORECAST

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්.

එසේම සෝමාවතිය පුදබිම ජලයෙන් යටවීම හේතුවෙන් වන්දනාවේ ගොස් එහි සිරවී සිටි පුද්ගලයින් 250 දෙනෙකු පුලස්තිපුර පොලීසිය මගින් මුදවාගෙන ඇති බව වාර්තා වෙයි.
පොළොන්නරුව – මඩකලපුව මාර්ගය, ගල්ලෑල්ල සහ මනම්පිටිය ප්‍රදේශ මෙලෙස ජලයෙන් යට වි ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් එම ප්‍ර දේශ වල ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වි ඇති බව පොලිසිය සඳහන් කළේය.

එම මාර්ග භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් ද සිදුකරයි.

තවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 50, 000ට අධික බිම් ප්‍රමාණයක් මෙ වන විට ජලයෙන් යටවී ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අවදානමක් පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මාතලේ, නුවර, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලට මෙසේ අවදානම් තත්ත්වයක් පවතින බව එම සංවිධානය සඳහන් කරයි.

උතුරු දුම්රිය මාර්ගයේ තලාව හා තඹුත්තේගම අතර දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ තලාව සහ තඹුත්තේගම අතර දුම්රිය මාර්ගය ජලයෙන් යට වීම මීට හේතුවි ඇති බවයි.

වව්නියාවේ සිට කොළඹ කොටුව දක්වා පැමීණිමට නියමිතව තිබු නගරාන්තර දුම්රිය මේ වන විට සාවස්ත්‍රිපුරය දක්වා සීමා කර ඇති බව සඳහන්ය.

කොටුව දුම්රිය ස්ථානයෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමන්ගන්නා දුම්රිය මහව දක්වා සීමා කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේය.

කෙසේ වෙතත් නියමිත කාල සටහනට අනුව දුම්රිය ධාවනය කෙරෙන අතර ජල මට්ටම අනුව තලාව , තඹුත්තේගම හරහා දුම්රිය ධාවනය කිරිම තීරණය කෙරෙන බව එම පාලක මැදිරිය පැවසුවේ.