ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

Danuna01

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.

අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දනුන තිලකරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්ෂ 4ක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මතයි.