සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

nishantha-muthuhettigama

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ එම සැකකරුවන් තුන්දෙනා තමන් විසින් අධිකරණයට රැගෙන යන බවයි. කෙසේවෙතත් පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වාහනය හඹා ගොස් බද්දේගම නගරයේදී එය හරස් කර අදාළ සැකකරුවන් තුන්දෙනා නැවත සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරුවන් මේ වනවිට බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙනවිත් ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දැක්වු පොලිස් ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සදහන් කර තිබෙන්නේ.නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා වදුරඹ පොලීසියට කඩා පැන සැකකරුවන් තුන්දෙනෙකු රැගෙන ගිය බවට තමන්ටද තොරතුරක් ලැබී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද වරදක් සිදුව ඇත්නම් වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවද පොලිස් ප‍්‍රකාශකවරයා සදහන් කර තිබේ.