සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

1411226606_8649669_hirunews_attak-fight-no-water-mark

රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය සදහන් කර තිබේ.

කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල සිදුව ඇති බවත්, ගැටුමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් සිව්දෙනෙකු අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් සදහන් වේ.
තමන්ට පොලු, රීප්ප සහ ගිනි අවි සහිතව පැමිණි සිරිපාල කිරිඇල්ල, හැරිස් කිරිඇල්ල යන එජාප මහජන නිගයෝජිතයින්ද ඇතුළත් කණ්ඩායමක් විසින් පහර දුන් බව ප්‍රහාරයට ලක් වූ එජනිස ආධාරකරුවෝ පවසති.

ජිලානි හෝටලයේ පැවති මෙම රැස්වීමට සහභාගී වී ඇත්ගත් සමෘද්ධි නිළධාරීන්, කෘෂිකර්ම සහායකයින් ඇතුළු පිරිසක් වන අතර පවිත්‍රා වන්නිආරච්ච් සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ද එයට සහභාගි වන බවට දැනුම්දී තිබේ.