වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

 Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka

ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකර ඊට වගකිව යුතු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

මෙවැනි සිදුවීම් තුළින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කීර්ති නාමයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධාන කර තිබූ දේශපාලන වේදිකාවකට අද අළුයම කිසියම් පිරිසක් විසින් අලාභ හානි සිදු කර තිබුණි.