මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

231313131313131

ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ගල්නෑව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා ඇතුළු පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන්  සැකකරුවන් පස් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවද පොලිස් ප‍්‍රකාශකවරයා කියා සිටියා.
මේ අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන රැස්වීමක් සඳහා ගාල්ල වදුරඹ ප‍්‍රදේශයේ ඉදිකර තිබූ වේදිකාවට කිසියම් පිරිසක් විසින් ගිනි තැබුවද අදාළ රැස්වීම එම වේදිකාව මතම නියමිත පරිදි අද සවස පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
අදාළ ගිනි තැබීම සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පැවසුවා. කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.