එහෙට එකයි මෙහෙට එකයි එයි…

1988621467123

මැදිරිගිරිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.පී කුමාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වී තිබේ.

අද පෙරවරුවේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට පැමිණි ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බව ප්‍රකාශ කළ බව සදහන්.

මේ අතර අද උදැසන දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කල බව දන්වා සිටියා.

රංජිත් කහගල්ල මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා ද වේ.

පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී අද (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ගැන තමාට පැහැදීමක් නැති බවයි.