පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.

index (2)

ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා ජාතික හෙළ උරුමය ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වුණා. එහි මහලේකම්වරයා වූ පාඨලී චම්පික රණවක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉවත් වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කියා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කරන බවයි. ඒ අනුව යමින් බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, පරිසර ඇතුළු විෂය කිහිපයක් සහිත අමාත්‍ය ධුරයක් හෙබවූ උදය ගම්මන්පිල මහතා ද ඉන් ඉවත් වුණා. ඉන් අනතුරුව දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණයක් ගත් බවයි. එය තමන්ගේ ප‍්‍රතිපත්ති මත පිහිටා ගත් තීන්දුවක් බවද ඔහු සඳහන් කළා.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීම ද තමන්ගේ මෙම තීරණයට හේතු වූ බව උදය ගම්මන්පිල මහතා කියා සිටියා.