ලංකාවට හොරෙන් ආ කොටි බුද්ධි අංශ සමාජිකයෙක් අල්ලයි…

dv563013

ඝාතන රැසක් සිදුකර විදේශ රටවලට පලාගොස් වසර පහකට පසුව මෙරටට හොරෙන් ඇතුළුවූ ත්‍රිකුණාමලය සාම්බල්තිව් නිවසක සැඟව සිටි එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ කොටි සාමාජිකයෙකුඊයේ (03දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමල ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ස්කන්ධ රාජා හෙවත් තෙදියවන් නැමැත්තෙකි. මෙම කොටි සාමාජිකයා සාම්පුර් සාම්බල්තිව්, නිලාවේලිප්‍රදේශවල සිදුකළ ඝාතන රැසකට අවශ්‍යව සිටි ප්‍රබල කොටි සාමාජිකයෙකු බව පොලීසිය කියයි.

වයස අවුරුදු 38වන මෙම කොටි සාමාජිකයා 2009පැවැති මානුෂීය මෙහෙයුමත් සමග රටින් පලාගොස්මැදපෙරදිග රටවල සැරිසරා අවසානයේ කටාර් රාජ්‍යයේරැකියාවක නිරතව සිට ඇතැයි එම ඒකකය කියයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට රැගෙනයාමට නියමිතයි.