හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

 

654996456 414645696 549645696

අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අශිර්වාදය ලබාගත්තේය. එහිදී මල්වතු මහනාහිමියන් ප්‍රකශ කර සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය පරලොවට වැඩ කරන්නේ නැති බවයි. ධනය බලය මත අන්ධ වී ඇති බව‍යි. අනතුරුව අස්ගිරි මහනාහිමියන් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කර ව්වස්තා සන්ශොධනයක් කල යුතු බව‍යි. චම්පික ඇමතිතුමා උගත් බුධිමත් රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න වැදගත් චරිතයක් බවයි. ඉදිරියටත් ඒ මග යමින් අණ්ඩුවත් හරිමගට ගනිමින් එකමුතුවෙන් වැඩ කරන ලෙස‍යි.
ඉන් අනතුරුව ගැටඹේ රජ මහාවිහාරාධිපති නාහිමියන් බැහැදැකීමටද චම්පික රණවක කටයුතු කලේය. එහිදී උන්වහන්සේ කියා සිටියේ චම්පික රණවකයන්ගේ දේශපාලන තීරණය ඉතාමත් තීරණාත්මක බව‍යි.
උන්වහන්සේලාගේ ආශිර්වාදය ගෙන මහනුවර නගරය පුරා කණ්ඩායම විසීරී ගොස් ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කළේය