පාඨලී සහ උදය රජය හැර යයි…

47676868757865

පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි.  එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බවයි මෙහිදි පාඨලී චම්පික රණවක මහතා සදහන් කර තිබෙන්නේ.

එසේම බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද පළාත් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රණවක මහතා කියා සිටියේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවන බව රණවක මහතා එහිදී සඳහන් කර තිබෙනවා.