ජනපතිට තුන්වරක්‌ පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..

resizedjuducial5

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක්‌ කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.

අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දසදෙනකු ඉකුත් බදාදා (05 වැනිදා) රැස්‌ වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම විනිසුරු මඬුල්ල යළිත් අද (10 වැනිදා) සවස 2.30 ට රැස්‌වීමට නියමිතය.

විනිසුරු මඬුල්ල ගන්නා තීරණය ජනාධිපතිවරයාට දන්වා යවන්නේ අගවිනිසුරුවරයාගේ නිල කාමරයේ පැවැත්වෙන එම රැස්‌වීමෙන් අනතුරුවයි.

කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, ඊවා වනසුන්දර, ප්‍රියසාබ් ඩෙප්, රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, සරත් ද ආබෲ, ප්‍රියන්ත දසනායක සෙසු විනිසුරුවරුන් නවදෙනායි.

විනිසුරු මඬුල්ල රැස්‌වූ මුල් දවසේ නීතිපති යුවන්ජන වනසුන්දර විඡේතිලක මහතා මෙකී ප්‍රශ්න දෙක සම්බන්ධව සිය අදහස්‌ ඉදිරිපත් කළේය.

එකී ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් කැමති කෙනකුට අදහස්‌ ඉදිරිපත් කළ හැකි යෑයි විනිසුරු මඬුල්ල නිකුත් කර ඇති නිවේදනයට සැලකිය යුතු ප්‍රතිචාරයක්‌ ලැබුණු අතර ඉකුත් සිකුරාදා (07 වැනිදා) වන විට ජනාධිපතිවරයා කළ විමසුමට පක්‍ෂව හා විපක්‍ෂව ලිඛිත අදහස්‌ හතළිහක්‌ පමණ ඉදිරිපත්ව තිබිණි.