බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..

Sri-Lanka-Police

බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප‍්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද පෙරේරා නමැත්තෙක්.

මිතුරෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගිවීමට යයි පවසා ඊයේ රාත‍්‍රී 11ට පමණ සිය නිවසින් පිටව ගොස් තිබෙනවා. ඔහුට අයත් මෝටර් රථය ද මළ සිරුර තිබු ස්ථානයට සමීප ස්ථානයක තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. කෙසේවෙතත් මරණයට හේතුව තවමත් හඳුනාගෙන නැහැ.