ජනපති අවතැන්වුවන් මුණගැසෙයි/President arrives in landslide-affected areas.
Update
කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දී තිබේ.
ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු පිලිබදව තොරතුරක් නොමැති බවද සදහන්.
ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ නායයෑමේ අවදානමක් ඇති පෙදෙසක සිටි එම පවුල් සදහා විකල්ප ඉඩම් දුන්නේද යන්නයි.
දිසාපති රෝහණ දිසානායක මහතා සදහන් කර තිබෙන්නේ ලබා දුන් ඉඩම් වෙත පවුල් 30ක් ඉවත්ව ගිය බවයි.
අවදානම් සහිත ඉඩම්වල සිටින සියලු දෙනාම ආරක්ෂා සහිත ඉඩම් වලට යැවීමට පියවර ගන්නා ලෙසත් ඒ සඳහා වතුවල සහායත් ලබා ගන්නා ලෙසත් ජනපතිතුමන් උපදෙස් දී තිබේ.
Leave a Reply